Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරීත්වය සදහා තම පාසල් මිතුරෙකු පත් කිරීමට තාක්ෂණ නිලධාරියකු ක්‍රියා කරලා – විස්තරය මෙතනින්

SLC: Organisational failure? – The Island

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර සඳහා ඉහළම සුදුසුකම් ඇති ලොව දක්ෂතම ක්‍රිකට් පුහුණු විශේෂඥයකු සොයමින් සිටින අතරේ තම පාසල් මිතුරකු මෙන්ම තමන්ගේ ක්‍රීඩා සමාජයේ සිටි පුද්ගලයකු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත් කර ගැනීමට තාක්ෂණ නිලධාරියකු ක්‍රියා කිරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වෙමින් පවතිද්දී අත්දැකීම් අඩු එම දේශීය ක්‍රිකට් පුහුණුකරුගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ අවධානයට ලක් කිරීමට ද එම නිලධාරියා කටයුතු කරමින් සිටින බව පැවසේ.

Sri Lanka Cricket 🇱🇰 on Twitter: "SLC's New President Shammi Silva Assume Duties. #SLC #Cricket #Lka https://t.co/RwEys2kMe8" / Twitter

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් මහතාගේ වසර දෙකක ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර, ආතර් මහතාට වඩා වැඩි සුදුසුකම් ඇති අයකු සෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන මහතාගේ අපේක්ෂාව වී තිබියදී තම බලතල ප්‍රයෝජනයට ගෙන යම් අයකු ක්‍රියාත්මක වන්නේ නම් කනගාටුවට කරුණක් බව ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සොයා ගන්නා තෙක් තවත් දින හතරකින් ආරම්භ වන ඔස්ට්‍රේලියා තරග සංචාරය සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත.

උපුටා ගැනීම – දිනමිණ ක්‍රීඩා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7