Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් ව්මත් සමග ලෝක ටෙස්ට් ශූරයන්ගේ තරගාවලියේ ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 28 දක්වා ඉහළ යයි.

The players shake hands after the first Test ended in a draw, Bangladesh vs Sri Lanka, 1st Test, Chattogram, 5th day, May 19, 2022

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ අවසන් දිනයේ දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.

මෙම තරගය හේතුවෙන් ලෝක ටෙස්ට් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගියේය.

බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 24ක් ලබා සිටි අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසුව කණ්ඩායම් දෙකම ලකුණු 4 බැගින් ලබා සිටියේය.

කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය (PCT%) පහත වැටුණි.

Angelo Mathews celebrates with Dinesh Chandimal after reaching his century, Bangladesh vs Sri Lanka, 1st Test, Chattogram, 1st day, May 15, 2022

ශ්‍රී ලංකාව මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ටෙස්ට් තරග 5කට මුහුණ දී ඇති අතර ඉන් තරග දෙකක් ජයගෙන තරග දෙකක් පරාජය වී එකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා ලකුණු ප්‍රතිශතය 46.67% කි.

මෙම ලකුණු ප්‍රතිශතය අනුව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තවමත් 5 වැනි ස්ථානයේ පසුවේ.

Angelo Mathews failed to repeat his first-innings heroics falling for a duck second-time around, Bangladesh vs Sri Lanka, 1st Test, Chattogram, 5th day, May 19, 2022

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button