Cricket NewsEXCLUSIVEIPL

මෙවර IPL තරඟාවලියේ ඉහලම මිලකට අලෙවි වූ ඉෂන් කිෂන්ව පළමු පන්දුවෙන්ම දවා ගත් Mukesh Choudharyගේ සුපිරි යෝකර් පන්දුව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 33වන තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 155ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම තරඟයේදී කවදත් සාර්ථකව පිතිකරණයේ නියැලෙන Mumbai Indians හි මුල් පෙළ අසාර්ථක වීම කැපී පෙනුන සිදුවීමක් වූ අතර නායක රෝහිත් ශර්මා මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම දැවී ගියා.

එහිදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉහලම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන ඉෂන් කිෂාන් අද තරඟයේදී ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදීම දැවී ගියේ Mukesh Choudhary විසින් යොමු කල විශිෂ්ට යෝකර් පන්දුවක් හමුවේයි.

ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ඉෂන් කිෂන්ව ප්‍රථම පන්දුවෙන්ම දව ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන නිසා එම දැවී යාම ක්‍රිකට් ලෝකයේ දැඩි කතා බහක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.

Mukesh Choudhary විසින් යොමු කල සුපිරි යෝකර් පන්දුව හමුවේ ඉෂන් කිෂන් දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7