Cricket GossipEXCLUSIVE

LPL සමාරම්භක උළලේදී ජාතික ගීය විකෘති කල උමාරාට මිලියන 3.5 ක් ගෙවා ඇති බව හෙලිවෙයි! – උමාරා ශ්‍රී ලාංකික ජනතාවගෙන් සමාව ඉල්ලයි !

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උළලේදී ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමේ වගකීම පැවැරුණේ ජනප්‍රිය ගානය ශිල්පිනී උමාරා සිංහවංශ හටයි.එහිදී ජාතික ගීය විකෘති කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඇයට චෝදනා එල්ල වූ අතර අභන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඒ සඳහා ඇයට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 3.5 ක්.

කෙසේ නමුත් දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට එල්ල වන චෝදනා සියල්ලටම පිළිතුරු දෙමින් ඇය ශ්‍රී ලාංකේය ජනාතාවගෙන් සමාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

“වර්ෂ 2023 වූ ජූලි මස තිස් වන දින LPL සමාරම්භක උත්සවයේ දී ජාතික ගිය මා විසින් ගායනා කරන ලද අතර, සමහර වචන මා විසින් උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් ඇති වී ඇති බව මගේ අවධානයට යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, මා ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගාසිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධ ආකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණනයෙන් කටයුතු කර ඇති බවයි. ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථ කථනයක් සැපයීමට මා කිසිවිටකත් අදහස් කළේ නැත. මගේ රටේ ජනතාවගේ හැඟීම් මට වැටහෙන බැවින්, මගේ ගායනය නිසා පීඩාවට පත් වූ/ සිත් රිදවීමට ලක්වු ඕනෑම කෙනෙකුට මගේ හෘදයාංගම සහ අවංක සමාව අයැදිමි.”

යනුවෙන් එම ලිපියේ අන්තර්ගතය තුල සඳහන්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button