Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරඟාවලිය සඳහා චාමරී අතපත්තුගෙ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කරයි.!

Sri Lanka women cricketers to play Bangladesh, Ireland in CWG qualifier | Daily FT

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරඟ වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නිවේදනය කරයි .

මැලේසියාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරඟාවලියේ කාන්තා සුදුසුකම් ලැබීමේ වටය ලබන ජනවාරි මස 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

ජනවාරි 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබාගැනීමේ වටය සඳහා ශ්‍රී ලංකාව ඇතුලුව කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එක්වන සෙසු කණ්ඩායම් හතර වනුයේ මැලේසියාව,ස්කොට්ලන්තය,කෙන්යාව හා බංග්ලාදේශය යන කණ්ඩායම් ය.

එම කණ්ඩායම් අතුරින් මෙම තරගාවලියේදි එක් කණ්ඩායමක් පමණක් මෙම වසරේ එංගලන්තයේ බර්මිංහැම් හිදි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිත වන අතර විස්සයි විස්ස තරඟවලියක් ලෙසින් මෙවර තරඟාවලිය පැවැත්වීමට නියමිත බවද සඳහන් ය.

ක්‍රිඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ දිනවල පුහුණුවීම් වල නිරත වන අතර එම සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 7 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටය සඳහා සහභාගි වන බවට වාර්තා වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ නායකත්වය චමරි අතපත්තු හට හිම්ව ඇති අතර උපනායකත්වය හර්ෂිතා මාදවි හට හිමිව තිබේ.

01) චමරි අතපත්තු – (නායක)
02) හර්ෂිතා මාදවි – (උප නායක)
03) ඉනෝකා රණවීර
04) නිලක්ෂි ද සිල්වා
05) හසිනි පෙරේරා
06) සුගන්දිකා කුමාරි
07) ඕෂදී රණසිංහ
08) අමා කාංචනා
09) උදේශිකා ප්‍රබෝධනී
10) අචිනි කුලසූරිය
11) අනුෂ්කා සංජීවනී
12) කවිෂා දිල්හාරි
13)තාරිකා සෙව්වන්දි
14) ප්‍රසාදිනී වීරක්කොඩි
15) විශ්මි ගුණරත්න
16) සචිනි නිසංසලා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය සුදුසුකම් ලැබිමේ තරඟාවලිය ජයග්‍රහණය කිරිමට සෙසු කණ්ඩායම් වලට වඩා අවස්ථාවක් හිමිව තිබෙන බව නොරහසක් වනු ඇති අතර මෙම තරඟාවලිය සඳහා යොවුන් ක්‍රීඩ්කාවන්ගෙන් ද සමන්විත සමබර සංචිතයක් නම් කර තිබෙන බවද විචාරක මතයයි.

මෙම තරඟාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායම එළඹෙන ජුලි මස 29 වැනිදා එංගලන්තයේ බර්මිංහැම් හිදි ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගනු ලබන අතර මේ වන විටත් සත්කාරක එංගලන්තය , ඕස්ට්‍රේලියාව , ඉන්දීයාව , පාකිස්තානය ,බාබිඩෝස් , නවසීලන්තය , දකුණු අප්‍රිකාව යන කාන්තා කණ්ඩායම් සුදුසුකම් ලබා අවසන්ය.

මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය පැවැත්වෙන කාල සටහන.

2022 ජනවාරි 18 – මැලේසියාව හා ස්කොට්ලන්තය
බංග්ලාදේශය හා කෙන්යාව

2022 ජනවාරි 19 – ශ්‍රී ලංකාව – ස්කොට්ලන්තය
මැලේසියාව – බංග්ලාදේශ

2022 ජනවාරි 20 – ශ්‍රී ලංකාව – කෙන්යාව

2022 ජනවාරි 22 – කෙන්යාව – ස්කොට්ලන්තය
ශ්‍රී ලංකාව – මැලේසියාව

2022 ජනවාරි 23 – බංග්ලාදේශ – ස්කොට්ලන්තය
මැලේසියාව – කෙන්යාව

2022 ජනවාරි 24 – ශ්‍රී ලංකාව – බංග්ලාදේශ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7