Cricket NewsEXCLUSIVEInternationalUnder-19

සදීශ රාජපක්ෂගේ අගනා ඉනිමත් නායක දුනිත්ගේ සුපිරි පන්දු යැවීමත් සමඟින් දෙවැනි පුහුණු තරඟය ලකුණු 231 කින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයගනී.

2022 යොවුන් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණ දෙන දෙවැනි පුහුණු තරඟය ඊයේ (12) ගයානා හීදී පැවැත්වුණි.ඒ උගන්ඩා යොවුන් කණ්ඩායමට එරෙහිවය.

තරඟයේ කාසියේ වාසිය දිනාගන්නට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ උගන්ඩා යොවුන් කණ්ඩායමට මුලින්ම පන්දු රැකීම සඳහා ආරාධනා කළේය.

පන්දුවට පහර දීම සඳහා මුලින්ම පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් පමණක් දැවී ලකුණු 277 ක් රැස් කරන්නට සමත් විය.

ඉනිමේ නැංගුරම බවට පරිවර්ථනය වූ සදිශ රාජපක්ෂ නොදැවී ලකුණු 75 ක් රැස් කලේය . එයට හතරේ පහර 9 ක් අන්තර්ගත විය .තවත් ශතකයක් ආසන්නයේදී අවාසනාවන්ත ලෙස ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වන්නට සදීශ හට සිදුවිය.

ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියෙල්ද හතරේ පහර තුනක් හා එක් හයේ පහරක් ද සමඟින් ලකුණු 46 ක් රැස් කලේය.පන්දු යැවීමේදී පැස්කල් මුරුන්ගි හා ජෝශප් බගුමා අතර කඩුලු 2 ක බැගින් බෙදී ගියේය.

ලකුණු 278 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි උගන්ඩා යොවුන් පිල දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සිය අවි බිම හෙලුවේය

.පන්දුවාර 21 කුත් පන්දු 2 ක් අවසානයේදී සියලු දෙනා දැවී උගන්ඩා කණ්ඩායම රැස් කලේ ලකුණු 46 ක් පමණි.බ්‍රයන් අසාබා ලකුණු 13 ක් රැස් කල අතර සෙසු එකදු පිතිකරුවෙකු හෝ ලකුණු 10 සීමාව පසුකර නොගියේය.

සුපිරි පන්දුයැවීමක නිරත වූ නායක වෙල්ලාලගේ ලකුණු බිංදුවකට කඩුලු 4 ක් රැස් කලේය.ඊට අමතරව යසිරු රොද්‍රිගො හා චමිඳු වික්‍රමසිංහ අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඒත් සමඟින් දෙවන පුහුණු තරඟයද ලකුනු 231 කින් ජයගන්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button