Cricket NewsEXCLUSIVEInternational

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටයට DRS තාක්ෂණය නෑ !

ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වන නවවැනි සහ දසවැනි කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සිම්බාබ්වේ දේශයේදී එලඹෙන ජූනි-ජූලි මාස වලදී පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය සඳහා DRS තාක්ෂණය භාවිතා නොවන බව අයිසීසීය ඊයේ නිල වශයෙන් සනාත කර සිටියා.ශ්‍රී ලංකාව,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඇතුලු කණ්ඩායම් 9 ක් මේ වන විටත් සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය සඳහා පැමිණ අවසන්.සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරඟවදින දසවැනි කණ්ඩායම දකුණු අප්‍රිකාවද නොඑසේ නම් නෙදර්ලන්තයද යන්න තවමත් තීරණය වී නොමැත.

2018 වසරේදීද මෙලෙස සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරඟ සඳහා DRS තාක්ෂණය භාවිතා නොකල අතර තෙවන විනිසුරු පුණරූපන සඳහා මෙවර තිර භාවිතා කිරීම සිදු කරනු ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button