Cricket NewsEXCLUSIVEPremier League

පවුම් මිලියන පහකට එංගලන්තය අත්හැර ලීග් තරඟ ක්‍රීඩා කරන්න ක්‍රීඩකයින් 6 දෙනෙක්ට අයිපීඑල් කණ්ඩායම් හිමිකරුවන්ගෙන් ඇරයුම්

ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල තරඟ වදින ප්‍රමුඛ පෙලේ කණ්ඩායම් හිමිකරුවන් විසින් වසර පුරා විස්සයි20 ලීග් තරඟාවලි ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයින් හය දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තුලින් ඉවත් වීමට සහ පවුම් මිලියන 5 ක් දක්වා කඩවසම් වාර්ෂික කොන්ත්‍රාත්තුවක් ලබා දීමට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බව The Times පුවත් පත වාර්තා කර තිබුණි.

IPL හි කණ්ඩායම් 10ම හිමිකරුවන් අතර CPL,SA T20,Global T20 League (UAE) සහ එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත Major League T20 ඇතුළු විවිධ ලීගවල කණ්ඩායම් වල හිමිකාරීත්වය බෙදී තිබෙන පසුබිමක එසේ සිදුවීම එතරම් අරුමයක්ද නොවේ.

කෙසේ වෙතත් එම ලිපියේ එම සාකච්ඡාවට සම්බන්ධ ක්‍රීඩකයින් කවුරුන්ද යන්න නාමික වශයෙන් හෙලි කර නොමැත.

ක්‍රියාකාරී ගිවිසුම්ගත ක්‍රීඩකයෙකුට වසරක් තුළ සහභාගී විය හැකි ලීග සංඛ්‍යාව සීමා කිරීම ගැන ජගත් ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමු කරන පසුබිමක,තරුණ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර ක්‍රිකට් වලින් විශ්‍රාම යාම හෝ මධ්‍යම කොන්ත්‍රාත්තු වලින් බැහැර වීම පසුගිය කාලය පුරාවට කැපී පෙනුණි.

කෙසේ නමුත් එවන් පසුබිමක බ්‍රිතාන්‍ය පවුම් මිලියන පහක් වටා වූ වාර්ෂික කොන්ත්‍රාත්තුවක් හිමිකර දීම ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික වර්ණ ප්‍රතික්ෂේප කිරීමට තරම් ඉහල අභිප්‍රේරණයක් ගෙන දෙන සුළු යෝජනාවක් නොවීමේ හැකියාවද අල්ප වන අතර The times පුවත්පත තම ලිපියේ අවසන් වරට කියා සිටින්නේ

“පූර්ණ කාලීන ගනුදෙනු පිළිබඳව දැනටමත් ඉහළ පෙළේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ගණනාවක් සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙය දැන් ඉංග්‍රීසි ක්‍රීඩකයන් වෙත ද දීර්ඝ කර ඇත. කොන්ත්‍රාත්තු වසරකට GBP මිලියන 2 කට වඩා වැඩි විය හැකි අතර GBP මිලියන 5 ක් තරම් ඉහළ අගයක් ගනී. ඉහළම එංගලන්ත මධ්‍යම කොන්ත්‍රාත්තුවේ වටිනාකම මෙන් පස් ගුණයකටත් වඩා වැඩිය.”

“අඩු කරන ලද IPL ගනුදෙනු – අවම වශයෙන් වට තුනක් ආවරණය වන පරිදි – ද පිරිනැමෙනු ඇත. එංගලන්තයේ ටෙස්ට් ක්‍රීඩකයින් කිසිවෙක් බලයලත් කොන්ත්‍රාත්තුවක් සඳහා ඔවුන්ගේ මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වනු ඇතැයි සිතිය නොහැක, නමුත් පිරිනැමෙන විශාල මුදල් ප්‍රමාණය ලබා දෙයි. අනාගතයේදී අවදානමක් ඇති බව.”

“වඩාත් ඉඩ ඇති දෙය නම්, ක්‍රීඩකයින් ඔවුන්ගේම තත්වයන් අනුව “බෙස්පොක්” ගනුදෙනු සංවිධානය කරනු ඇති අතර, එමඟින් ඔවුන් තම ප්‍රාන්තයට හෝ ඊසීබී වෙත කොටසක් කොන්ත්‍රාත්තු කර ඇති අතර අර්ධ-කොන්ත්‍රාත්තුවක් ඡන්ද බලයකට ලබා දෙනු ඇත.”

යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
1
+1
12
+1
18
+1
17
+1
33

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button