Cricket NewsEXCLUSIVEInternational

ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු වන ඉෂාන් කිෂන් සහ ‘මධ්‍යම කොන්ත්‍රාත්’ ගිවිසුමෙන් ඉවත් කිරීමේ සූදානමක්

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු වන ඉෂාන් කිෂන් සහ ශ්‍රෙයාස් අයියර් දෙදෙනාම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩකයන් සඳහා වන ‘මධ්‍යම කොන්ත්‍රාත්’ ගිවිසුමෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි. දශක ගණනාවක ඉතිහාසයක් ඇති, ඉන්දියාවේ පළමු පෙළ තරගාවලිය වන ‘රංජි කුසලාන’ තරග මඟහැරීමත් කණ්ඩායමෙන් ඉවත්ව සිටීමත් නිසා ඉෂාන් කිෂන් සහ ශ්‍රෙයාස් අයියර් දෙදෙනා මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් කිරීමට යයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති ටෙස්ට් තරගාවලියේදී මානසික වෙහෙස නිසා කණ්ඩායමෙන් ඉවත් වූ ඉෂාන් කිෂන් මේ දක්වා නැවතත් ඉන්දීය කණ්ඩායමට කැඳවා නැත. ඉන්දියාව මේ වන විට එංගලන්තය සමගින් ටෙස්ට් තරගාවලියකට සහභාගි වෙමින් සිටින අතර ඊට ටෙස්ට් තරග 5 ක් ඇතුළත් වේ. එහි සිව්වැනි තරගය මේ වන විට රංචි නුවරදී පැවැත්වෙමින් තිබේ.
ජාතික කණ්ඩායමෙන් නිදහස්ව සිටි සමයේදී කිෂන් තමන්ගේ ජහර්කාන්ද් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් රංජි කුසලාන තරග වලට සහභාගි වී නැත. එහෙත් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමේ අරමුණින්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා සමගින් එක්ව ඉෂාන් කිෂන් බැරෝඩා නුවරදී පුහුණුවීම් කරමින් සිටී.

ලකුණු අතර නොසිටීම නිසා එංගලන්තයට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රෙයාස් අයියර්ට ඉන්දීය කණ්ඩායමේ ස්ථානය අහිමි විය. රංජි කුසලාන තරගාවලියේදී ශ්‍රෙයාස් අයියර් මුම්බායි ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන නමුත් මුම්බායි පිල වෙනුවෙන් ඇසෑම් සහ බැරෝඩා ප්‍රාන්ත කණ්ඩායම් වලට එරෙහි තරග දෙකම ඔහු මඟහැර තිබේ.

අජිත් වඩේකාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දීය තේරීම් කමිටුව විසින් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් වන ඉන්දීය ක්‍රීඩක ලයිස්තුව මේ වන විටත් සකස් කර අවසන් බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත කියයි.
මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම අනුව (A+) කාණ්ඩයට ඇතුළත් වන ක්‍රීඩකයකුට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 7 ක (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 26.25) ක දීමනාවක් හිමිවෙයි. අනුව (A) කාණ්ඩයට ඇතුළත් වන ක්‍රීඩකයකුට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 5 ක (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 18.75) ක දීමනාවකි. (B) කාණ්ඩයට ඇතුළත් වන ක්‍රීඩකයකුට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 3 ක (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 11.25) ක දීමනාවක් හිමිවෙයි. (C) කාණ්ඩයට ඇතුළත් වන ක්‍රීඩකයකුට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටියක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 3.75) ක දීමනාවක් හිමිවෙයි.

ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයකුට ගෙවනු ලබන මුදල ඉන්දීය රුපියල් ලක්‍ෂ 15 කි. (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 56 කි) එක්දින තරගයක් වෙනුවෙන් ගෙවනු ලබන මුදල ඉන්දීය රුපියල් ලක්‍ෂ 6 කි. (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 22.5) විස්සයි-20 තරගයක් වෙනුවෙන් ගෙවනු ලබන මුදල ඉන්දීය රුපියල් ලක්‍ෂ 3 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 11.25)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
5
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button