Cricket NewsEXCLUSIVE

ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ගෞරවනිය ලකුණු පුවරුවක් ගොඩනගයි – මැතිව්ස් 199කට දැවී යයි.!

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ඊයේ (15) චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී ආරම්භ වු අතර අද තරඟයේ දෙවන දිනයයි.

අද දිනය ආරම්භ කරන විට පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණඩායමේ ලකුණු පුවරුව දිස් වුයේ 258/4ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ කොටස අපූරුවට ඉටුකරමින් ශ්‍රී ලංකා ඉනිම සියලු දෙනා දැවී ලකුණු 397ක් කරා ගෙන ඒමට සමත් වුනා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199ක් රැස් කර සිටි අවස්ථාවේ Nayeem Hasan යොමු කල පන්දුවක් හමුවේ Shakib Al Hasanට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේ දිවිත්ව ශතකයට එක් ලකුණක් පිටුපසින් සිටිමිනි.

ඇන්ජලෝ මැතිව්ස්ට අති විශිෂ්ට සහයෝගයක් දුන් විශ්ව ප්‍රනාන්දු පන්දු 84කට මුහුණ දෙමින් ලකුණු 17 ක් ලබා ගැනීමට සමත් වූ අතර පැය 10 කට වැඩි කාලයක් පිටියේ සිටි මැතිව්ස් පන්දු 397 කට මුහුණ දෙමින් හතරේ පහර 19 ක් සහ හයේ පහරක් සිය ඉනිමට එකතු කර තිබිණ.

චන්දිමාල් ලකුණු 66 කට දැවී යාමෙන් පසුව පැමිණි නිරෝෂන් දික්වැල්ලගේ වැරදි පහරකින් මඟ වරද්දා ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 05 ක් තුළදී කඩුලු 3 ක් අහිමි කරගත්හ. වරෙක කඩුලු 5 කට ලකුණු 323 ක් ලබා සිටි ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 328 කට කඩුලු 8 ක් දක්වා වෙනස් කළ ශකිබ් අල් හසන් පිට පිටම පන්දු දෙකකදී කඩුලු 2 ක් දවාගත් නමුත් විශ්ව ප්‍රනාන්දු සහ මැතිව්ස් එක්ව තත්ත්වය පිළිසකර කරමින්, තේ පානයට පෙර, 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක් එකතු කළහ.

බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් හමුවේ නොබියව තම සීමා ඉරෙන් පිටතට පැමිණි චන්දිමාල්, පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් පන්දුව යවමින්, ලකුණු ලබාගනිද්දී ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පන්දුව දුටු තැනම එය හතරේ සීමාවට යැවීමට පසුබට නොවීය.

එක්දින තරගයක සම්පූර්ණ ඉනිමකට ආසන්න කාලයක් (ඕවර 47.5 ක්) පැවැති මැතිව්ස් – චන්දිමාල් සම්බන්ධතාව බිඳී ගියේ පිට ඉන්න එල්ලයේ වැටුණු පන්දුවකට ‘රිවර්ස් ස්වීප්’ පහරක් ගැසීමට චන්දිමාල් ගත් උත්සාහයකිනි. ඔහු කඩුල්ල මුවා කළ බව විනිසුරුවරයාගේ තීරණය වූවත්, පිට ඉන්නට ඇඳි රේඛාවට ගෑවී නොගෑවී පතිත වූ පන්දුව කඩුල්ලේ නොවදිනු ඇතැයි සිතූ චන්දිමාල් තෙවන විනිසුරු සහාය ඉල්ලා සිටියේය. එහෙත් විනිසුරු තීරණයම නිවැරදි වූයේය.

ටෙස්ට් තරග 48 කට සහභාගි වී ඇතත් තවමත් ශතකයක් ලබාගැනීමට අපොහොසත් වී සිටින නිරෝෂන් දික්වැල්ල, සුපුරුදු කලබලකාරී ආරම්භයට පිවිසියද මුහුණ දුන්නේ පන්දු 4 කට පමණි. නියමිත එල්ලයේ වැටුණු නයීම් හසන්ගේ පන්දුවක් හමුවේ බැක් කට් පහරක් ගැසීමට උත්සාහ කළ දික්වැල්ලගේ කඩුල්ලට කඩාවැදුණේය.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම දැක්වුණේ 397/10 ලෙසයි.

කෙටි ලකුණු පුවරුව පහතින්

ශ්‍රී ලංකා පළමු ඉනිම – 397/10 (153)

Angelo Mathews – 199
Dinesh Chandimal – 66
Kusal Mendis – 54
Oshada Fernando – 36
Vishwa Fernando – 17

Nayeem Hasan – 105/6
Shakib Al Hasan – 60/3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button