Cricket NewsEXCLUSIVE

කෙන්යාව හමුවේ දකුණු අප්‍රිකාව ලකුණු 71 කට දැවී යයි ! කෙන්යාවට ඓතිහාසික ජයක් !

දකුණු අප්‍රිකාවත් කෙන්යාව අතර Accra හිදී පැවැති ඊයේ පැවැති විස්සයි විස්ස තරඟය ජයග්‍රහණය කරන්නට කෙන්යානු කණ්ඩායම සමත් වූයේ 2023 දකුණු අප්‍රිකාණු ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති ඉසව්වක් යටතේ දීයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් කෙන්යානුවන් පන්දුවාර 20 නිමා කලේ කඩුලු 6 ක් දැවී ලකුණු 141 ක් රැස් කරගනිමින්.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල කොලින් ඔබුයා ලකුණු 58 යි.

ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවනුවන් හට සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුනු 71 ක් පමණයි.

කෙන්යාව වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරත වූ Aamav Patel ලකුණු 13 ට කඩුලු 5 ක් බිඳ දැමීය.

ඒ අනුව තරඟය ලකුණු 70 කින් ජයගත්තේ කෙන්යාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
2
+1
27
+1
8
+1
2
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button