Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලියට ඉන්දියාව සිය හොඳම සීමිත ඕවර පන්දු යවන්නා වන Jasprit Bumrahව සංචිතයට කැඳවයි.!

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තමන්ට සිටින හොඳම සීමිත ඕවර පන්දු යවන්නා වන Jasprit Bumrah කැඳවීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර තිබේ. Jasprit Bumrah නැවත කණ්ඩායමට එක්වන්නේ පිටකොන්දේ ආබාධයකින් සුවය ලැබීමෙන් පසුවය.

මෙම පිටකොන්දේ ආබාධය හේතුවෙන් Jasprit Bumrahට පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අහිමි විය.

මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන Jasprit Bumrah ශ්‍රී ලංකාවට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා නොකරන අතර විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා නොකරන නායක රෝහිත් ෂර්මා, හිටපු නායක විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් ද එක්දින තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතයට කැඳවා තිබේ.

“Jasprit Bumrah නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමේ සිටිනවා. ඔහු ඉතාම ඉක්මනින් ඉන්දීය කණ්ඩායම හා එක්වේවි” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබේ.

Jasprit Bumrahට අමතරව මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, උම්රන් මලික් සහ අර්ශ්දීප් සිං ද ඉන්දීය වේග පන්දු යවන්නන් අතර සිටින අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරග තුන මේ මස 10, 12 සහ 15 දිනවලදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය එක්දින සංචිතය

Rohit Sharma (C), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (VC), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Jasprit Bumrah, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button