Cricket NewsEXCLUSIVEInternationalMatch Review

Shubman Gillගේ විශිෂ්ට පිතිකරණයත් Hardik Pandyaගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් තීරණාත්මක විස්සයි-20 තරඟය ලකුණු 168කින් ජයගත් ඉන්දියාව 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කරයි.!

ඉන්දීය කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ තෙවන සහ අවසන් විස්සයි-20 තරඟයෙන් ලකුණු 168ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කල ඉන්දීය කණ්ඩායම 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ඉන්දීය නායක Hardik Pandya පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත් අපන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 234ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ ආරම්භක Shubman Gill පන්දු 63කදී වේගවත් ලකුණු 126ක් නොදැවී රැස් කරමින් විස්සයි-20 පිටියේ සිය ප්‍රථම ශතකය රැස් කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් වුනා.

Rahul Tripathi වේගවත් ලකුණු 44ක් රැස් කළ අතර Hardik Pandya වේගවත් ලකුණු 30ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 235ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නවසිලන්ත පිතිකරුවන්ට පන්දුවාර 12.1 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 66ක් පමණයි

නවසිලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Daryl Mitchell ලකුණු 35ක් රැස් කල අතර Mitchell Santner ලකුණු 13ක් රැස් කළා.

පන්දු යැවීමේදී Hardik Pandya කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7