Cricket NewsEXCLUSIVEWoman Cricket

Smrithi Mandhanaගෙ සහ Hamanpreetගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක්.!

කාන්තා ලෝක කුසලාන පන්දුවාර 50 තරගාවලිය මේ වන විට නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ඉන්දියා කාන්තා කණ්ඩායම් තරග වැදුණු තරගාවලියේ 10වන තරගය ලකුණු 155කින් ඉන් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉන්දියා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 317ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.

එහිදී විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ Smriti Mandhana පන්දු 119 ක් තුළ ලකුණු 123ක් රැස් කිරීමට සමත් වූයේ ඉන්දීය කාන්තා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

ඊට සහායක් ලබාදුන් Harmanpeet Kaur ලකුණු 109ක් රැස්කළා.

Yastika Bhatia ලකුණු 31ක් රැස් කළා. පන්දු යැවීමේදි Anisa Mohammad කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 318 ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 40 කුත් පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 162ක් පමණයි.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Denedra Dottin ලකුණු 62ක් රැස් කළ අතර Hayley Mathews ලකුණු 43ක් කිරීමට සමත්වුණා.

ඉන්දියාව වෙනුවෙන් Sneh Rana කඩුලූ තුනක් බිඳ හෙලූ අතර Meghna Singh කඩුලු දෙකක් බිඳ හෙලුවා.

තරඟයේ වීරයා සම්මානය Smrithi Mandhana හට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button