Cricket NewsEXCLUSIVEIPLMatch Review

ගිණිකෙලි සැණකෙළියක් වූ Delhi සහ Rajasthan අතර තරඟයෙන් Rajasthan Royals කණ්ඩායමට ලකුණු 15ක තියුණු ජයක්.!

 

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 34වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 15ක ජයක් හිමිකර ගැනීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 222ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කිරීමට සමත් වූ ජෝස් බට්ලර් පිට පිටම දෙවන වරටත් IPL පිටිය ගිණිකෙළි සැණකෙළියක් බවට පත් කරමින් සුපිරි ශතකයක් වාර්තා කිරීමට සමත්වුනා.

එමෙන්ම මෙය මෙවර තරඟාවලියේ Jos Buttler විසින් වාර්තා කරන ලද තෙවන ශතකයයි. මේ වන විට 2022 IPL තරඟාවලියෙ වැඩිම ලකුණු ලාභියා බවට ජොස් බට්ලර් පත්ව සිටිනවා.මේ වන විට ජොස් බට්ලර් තරඟාවලිය පුරාවට ලකුණු 491රැස් කරගෙන සිටිනවා.

අද තරඟයේදී ජොස් බට්ලර් පන්දු 65කට මුහුණ දෙමින් ලකුණු 116ක් රැස් කිරීමට සමත් වු අතර ඔහුගේ ඉණිමට දැවැන්ත හයේ පහර 9ක් සහ හතරෙ පහර 9ක් ඇතුලත් වුනා.

Devdutt Padikkal ලකුණු 54ක් රැස් කළ අතර Sanju Samson ලකුණු 46ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mustafizur Rahman සහ Khaleel Ahmed එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 223ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 207ක් පමණයි

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rishabh Pant ලකුණු 44ක් රැස් කල අතර Lalit Yadav ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේදී Prasidh Krishna කඩුලු 3ක් සහ Ravichandran Ashwin කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button