Cricket NewsEXCLUSIVET10 League

දැවැන්ත හයේ පහරක් එක් ලකුණක් බවට පරිවර්තනය කරමින්, අහසේ පාවී ගොස් රැකගත් වනිදු හසරංගගේ සුපිරි පන්දු රැකීම.!

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් හි නායකත්වය දරන දසුන් ශානක විසින් නායකත්වය දරනු ලබන Chennai Braves කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයේදී Deccan Gladiators කණ්ඩායම නියෝජනය කරන වනිදු හසරංග ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වුණා.

එම තරඟයේදී සිය පන්දුවාර දෙකම ක්‍රියාත්මක කළ වනිදු හසරංග එහි දී කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඔහුගේ පන්දුවාර 2 තුළම ප්‍රතිවාදී පිතිකරුවන් හට වනිදු ලබාදුන්නේද ලකුණු 9ක් පමණයි.

එමෙන්ම Chennai Braves කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මකම පිතිකරුවා වන භානුක රාජපක්ෂගේ උඩපන්දුව ද හයේ සීමාව අසල දී රැක ගනිමින් තරඟයේ පීඩනය ආරම්භයේ පටන්ම Chennai Braves කණ්ඩායම වෙතට හැරවීමට වනිදු හසරංග ට හැකියාව ලැබුණා.

එමෙන්ම තරඟයේ දෙවන පන්දුවාරයේදී Chennai braves පිතිකරු Shahzad විසින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරක් එක් ලකුණක් බවට පරිවර්තනය කිරීමට වනිදු සමත්වූයේ ඉතා විශිෂ්ට පන්දු රැකීමක් පෙන්නුම් කරමිනි.

එම තරඟය Gladiators කණ්ඩායම කඩුලු 5 කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරගය පුරාවට සුපිරි තුන් ඉරියව් දක්ෂතා පෙන්වූ වනිදු හසරංග ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා.

ඊයේ තරඟයේ දී වනිදු දැක්වූ සුවිශේෂී දක්ෂතා ඇතුළත් වීඩියෝ පටය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7