Cricket NewsEXCLUSIVEMatch Review

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය හේතුවෙන් කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයකින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ සුපිරි 12 තරඟ වටය අරඹයි – ප්‍රසාද ලකුණු සටහනේත් ඉදිරියට.!

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටය සුපිරි ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූයේ අයර්ලන්ත කණ්ඩායම කඩුලු 9 කින් පරාජයට පත්කරමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 128ක් රැස් කිරීමට සමත් වුණා.

අයර්ලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Harry Tector පන්දු 42කදී ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වුනා. Paul Stirling ලකුණු 34ක් රැස් කළ අතර George Dockrell ලකුණු 14ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී මහිෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 129ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 15ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 133ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 43ක් තුල වෙගවත් ලකුණු 68ක් රැස් කල අතර චරිත් අසලංක ලකුණු 31ක් සහ ධනංජය සිල්වා ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේදී Gareth Delany එක් කඩුල්ලක් වා ගැනීමට සමත් වුනා.

⁣⁣ඒ අනුව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 තරඟ වටයට සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකාව එළඹෙන 25 වන දින සත්කාරක ඕස්ට්‍රේලියාව සමග තරඟ බිමට පිවීසිමට නියමිතයි.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button