Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kings සහ Delhi Capitals අතර අතිශය තීරණාත්මක තරඟය අද රාත්‍රියේ – පරාජිතයන් තරඟාවලියෙන් ඉවතට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 64වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Delhi Capitals කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Delhi Capitals හි නායකත්වය Rishabh Pant විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 12කට සහබාගි වී ඉන් තරඟ 6ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ පසුවනවා. Punjab Kings කණ්ඩායමට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරඟය සහ ඉතිරි තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබෙනවා.

Delhi Capitals කණ්ඩායම ද මේ වන විට තරඟ 12කට සහබාගි වී ඉන් තරඟ 6ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවනවා. Delhi Capitals කණ්ඩායමට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරඟය සහ ඉතිරි තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබෙනවා.

ඒ අනුව අද තරඟයේ ජයග්‍රාහකයන්ට පමණක් තරඟාවලියේ අවසන් වටය පිළිබඳව තවදුරටත් බලපොරොත්තු තබා ගත හැකි අතර ඒ හේතුවෙන් අද තරඟය අතිශය තීරණාත්මක මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ අනුව Delhi Capitals සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Punjab Kings –

Jonny Bairstow, Shikhar Dhawan, Mayank Agarwal (c), Bhanuka Rajapaksa, Liam Livingstone, Jitesh Sharma (wk), Rishi Dhawan, Kagiso Rabada, Rahul Chahar, Arshdeep Singh, Sandeep Sharma

Delhi Capitals –

David Warner, Srikar Bharat, Mitchell Marsh, Rishabh Pant (c & wk), Rovman Powell, Axar Patel, Lalit Yadav, Shardul Thakur, Kuldeep Yadav, Chetan Sakariya, Anrich Nortje

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7