Cricket KnowledgeCricket NewsEXCLUSIVE

මව්පියන් ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්ත‍යකට දැඩි ලෙස ඇලුම් කල නිසා “රචින්” ලෙස නම් තැබුණු නවසීලන්තයේ ක්‍රිකට් අනාගතය !

ඊයේ අහමඩ්බාද්හිදී වත්මන් ලෝක ශූරයින් කඩුලු 9 කින් පරාජයට පත් කරමින් නවසීලන්තය ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන් ඇරඹීය.

ඩෙවෝන් කෝන්වේ හා රචින් රවීන්ද්‍ර නවසීලන්ත ඉනිමට දැක්වූ දායකත්වය කියැවුනේ නොදැවුණු ශතකයන් ලෙසයි.

තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ 23 හැවරිදි රචින් රවීන්ද්‍ර.ඉන්දීය සම්භවයක් ඇති ඔහු නවසීලන්ත ඉතිහාසයේ ලෝක කුසලානයක් තුල ශතකයක් රැස් කරගත් ලාබාලතම ක්‍රීඩකයාද වූවා.

දක්ශතාව හා හැකියාව මත දිගු අනාගතයකට හිමිකම් කියන බව පෙන්වූ රචින් ගේ නම පිළිබඳව තිබෙන්නේ සිත්ගන්නා සුළු ඉතිහාසයක්.

රචින්ගේ මව්පියන් දැඩි ලෙස ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන පුද්ගලයින් වූවා.ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් දෙදෙනා වූ සචින් තෙන්ඩුල්කාර්ගේ හා රාහුල් ඩ්‍රාවිඩ්ගේ නමෙහි කොටස් යොදාගෙන එම රචින් යන නම නිර්මාණය කර තිබෙන බව සඳහන්.

‍රාහුල් ඩ්‍රාවිඩ් හි RA අක්ෂරත් සචින් හි CHIN අක්ෂර දෙකත් එසේ ඔවුන් යොදාගනිමින් RACHIN ලෙසයි එම නම නිර්මාණය කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button