Cricket NewsEXCLUSIVE

යොවුන් පිතිකරු නුවනිඳුගේ වේගවත් ශතකය සමග ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට විශිෂ්ඨ ජයක් – නිපුන් රන්සිකගෙනුත් සුපිරි දස්කම්.!

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එංගලන්තයේ තරඟ සංචාරයකට් එක්වූයේ සිව්දින තරඟාවලියකට හා සීමිත පන්දුවාර තරඟාවලියකට එක්වීම සඳහාය. සිව් දින තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳින් දක්ශතා අතරට පිවිසුණු අතර පළමු විස්සයි විස්ස තරඟ ද්විත්වය තුලදී පිතිකරුවන්ගෙන් විශාල පසුබෑමක් දක්නට ලැබුණු බව නොරසකි.

පසුගිය දා Gloucestershire කණ්ඩායමට එරෙහිව තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එංගලන්ත සංචාරය තුලදී ඔවුන්ගෙ තෙවන තරඟයට එක්විය.බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දනංජය ලක්ෂාන් Gloucestershire කණ්ඩායමට මුලින්ම පන්දු රකින්නට ආරාධනා කර සිටියේය.

මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී ලකුණු 205 ක් රැස් කලේ කඩුලු 4 ක් පමණක් වැය කරමිනි.ශ්‍රී ලංකා පිලේ නැංගුරම වූ යොවුන් ආරම්භක පිතිකරු නුවනිඳු නොදැවී ලකුණු 126 ක් රැස් කලේය.

පන්දු 67 කදී වාර්තා වූ ඔහුගේ ඉනිම 6 පහර 4කින් හා 4 පහර 14 කින් වර්ණවත් විය.පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා ඔහු තරඟයට එක්වීම විශේෂත්වයක්.

නිපුන් දනංජය ලකුණු 31 ක් රැස් කලේය.පන්දුයැවීමේදී Josh Shaw හා Luke Charlesworth අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ඉලක්කයක් හඹාගිය Gloucestershire කණ්ඩායමට පන්දුවාර 16 කුත් පන්දු 3 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 138 ක් පමණි.සත්කාරකයින් වෙනුවෙන් Ben Wells ලකුණු 42 ක් හා Tom Price ලකුණු 25 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් නිපුන් රංසික කඩුලු 4 ක් ලකුණු 11 ට බිඳ හෙළූ අතර නායක දනංජය ලක්ෂාන් කඩුලු 3 ක් බිඳ දැමීය.

කෙටි ලකුණු පුවරුව

SL Emerging XI : 205/4 (20)

Nuwanidu Fernando 126*(67), Nipun Dananjaya 31(22)

Josh Shaw 1/23, Luke Charlesworth 1/32

Gloucestershire: 138/10 (16.3)

Ben Wells 42(29), Tom Price 25(14)

Nipun Ransika 4/11, Dhananjaya Lakshan 3/29

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button