Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දැඩි අභ්‍යන්තර අර්බුධ හමුවේ විරාට් කෝලි නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි.!

ඉන්දීය ටෙස්ට් වංශකතාවේ මෙන්ම ග්‍රැහැම් ස්මිත් , රිකී පොන්ටිං , ස්ටීව් වෝ , ක්ලයිව් ලොයිඩ්ගෙන් සමන්විත ලොව වැඩිම ටෙස්ට් තරඟ ජයගත් නායකයින්ගේ ලැයිස්‍තුවට එක්වන අවසන් දශකයේ බිහිවූ විශිෂ්ඨතම ටෙස්ට් නායකයා වන්නේද ඉන්දීය හිටපු ටෙස්ට් නායක විරාට් කෝලිය.

තරඟ 68 කට නායකත්වය ලබා දෙද්දී ඉන් තරඟ 40 ක් ජයගන්නට කෝලි සමත් විය.එහිදී තරඟ 17 ක් පරාජය වද්දී තරඟ 11 ක් ජයපරාජයෙන් තොරව අවසන් විය.

ප්‍රතිශතයක් වශයෙන් එයගත් කල 58.82 ක් වන අතර එය ස්ටීව් වෝට හා රිකී පොන්ටිංට පසුව තරඟ 35 කට වඩා ජයග්‍රහණය කල නායකයින් අතර ඉහළම ප්‍රතිශතයද වනවා.

2013 වසර ඉන්දීය කණ්ඩායමේ නම්දැරූ ජ්‍යේශ්ඨයින් සියලු දෙනාම පාහේ සිය ක්‍රිකට් දිවිය නිමාකර තිබුණි.ඉන් වසරකට පසු ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සිය විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරන්නේ ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පතුල නොපෙනන අගාධයකට ඇද දමමිනි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි තැනට ඇද වැටුණි.

නමුත් කෝලිගේ නායකත්වය යටතේ යලි සංවිධානය වූ ඉන්දීය කණ්ඩායම 2015 වසර අවසන් වන විට ශ්‍රේණිගත සිව්වැනි ස්ථානයේ රැඳී සිටියේ.ඉන් වසරක් ගත වූ තැන සිට මේ දක්වාම (2016-2021) අඛණ්ඩව සෑම වසරක් අවසානයේදීම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගන්නට විරාට් කෝලිගේ ඉන්දීය කණ්ඩායමට හැකිවිය.

ආසියාතික ටෙස්ට් නායකයෙකු විසින් ජයග්‍රහණය කරන ලද වැඩිම තරඟ ගණන කෝලිගේ නම ඉදිරියෙහි ලියැවුණි.

ආසියාතික නායකයෙකු ඔස්ට්‍රේලියාවේදි ටෙස්ට් තරඟාවලියක් ජයගෙන ඇත්තේ එක්වරක් පමණක් වන අතර ඒ ඉන්දීය කණ්ඩායම කෝලිගේ යටතේ දීය.

දකුණු අප්‍රිකාවේදී , එංගලන්තයේදී හා ඔස්ට්‍රේලියාවේ දී තරඟ 2 ක් හෝ ඊට වැඩි ගණනක් ජයගත් එකම ඉන්දීය ටෙස්ට් නායකයාද වන්නේ විරාට් කෝලිය.

නායකයෙකු ලෙස ක්‍රීඩා කල තරඟ තුලදී විරාට් කෝලිගේ පිතිකරණ දත්ත ප්‍රශස්ත මට්ටමකට ගෙන ආවේය.අනෙකුත් නායකයන් මෙන් නායකත්වය කණ්ඩායමේ රැඳී සිටීමට සාධකය බවට කෝලි පත් කරනොගත්තේය.

නායකයෙකු ලෙස ටෙස්ට් ලකුණු 5000 ක් රැස් කල නායකයින් අතර ලොව වැඩිම සාමාන්‍ය හිමිව ඇත්තේ ඉන්දීය නායක විරාට් කෝලිටය.

නායකයෙකු ලෙස ටෙස්ට් ලකුණු 5864 ක් රැස් කල විරාට් කෝලිගේ නම ඉදිරියේ ශතක 20 ක් හා අර්ධ ශතක 18 ක් ලියැවී තිබේ.එයට ද්විත්ව ශතක 7 ක්ද ඇතුලත් වන අතර නායකයෙකු ලෙස වැඩිම ද්විත ශතක සංඛ්‍යාවක්ද රැස් කර ඇත්තේ විරාට් කෝලිය.

එහ්දී කෝලිගේ සාමාන්‍ය 58.40 කි .වැඩිම ක්‍රීඩාංගණ ගණනකදී තරඟ ජයගත් ටෙස්ට් නායකයා විරාට් කෝලි වන අතර ඔහු ක්‍රීඩාංගණ 29 කදී තරඟ ජයගන්නට සමත්ව ඇත.වසරේ ICC ටෙස්ට් කණ්ඩායමේ අවස්ථා තුනකදී නායකත්වය දැරූ ක්‍රීඩකයා ද විරාට් කෝලි වන අතර ඒ 2017,2018,2019 වසර තුලදීය.ඉන්දීය ටෙස්ට් නායකයෙකු විසින් රැස් කල ඉහළම පෞද්ගලික ඉනිම් තුනෙහි හිමිකරුවා වන්නේද ඔහුය.(254*,243,235)

ටෙස්ට් පිටියේ බිහිවූ විශිෂ්ඨතම නායකයෙකුගේ වසර 7 ක චාරිකාව ඊයේ නිමා කරමින් විරාට් කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්විය.

නව පරිපාලයනය යටතේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වන කාල පරිච්ඡේදයක තරඟ ආකෘති තුනෙහිම ජයග්‍රහණය ප්‍රතිශතය 50% ඉක්මවූ එකම නායකයාගේ ගමන එසේ නිමාවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button