Cricket NewsEXCLUSIVE

දහසක් ආසියානු පිතිකරුවන් අතුරින් විරාට් කෝලිට හා සනත් ජයසූරියට පමණක් උරුම වූ විරල වාර්ථාව ! මෙතැනින් කියවන්න !

ලොව නම් දැරූ විශිෂ්ඨ පිතිකරුවන් රැසකගේ නවාතැන ආසියානු උපමහද්වීපය බව නොරහසක්.දහසක් වූ ආසියානු පිතිකරුවන් අතුරින් වත්මන් ක්‍රිකට් ලොව රජුන් වන විරාට් කෝලිට හා සනත් ජයසූරියට පමණක් උරුම වූ අතිශය විරල වාර්ථාවක් හිමිව තිබෙනවා.

ආසියානු පිතිකරුවෙකුට ආසියානු උපමහද්වීපයෙන් පිටතදී එංගලන්තය,දකුණු අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් තුල දී ශතක ලබාගැනීම පහසු කරුණක් නොවේ.

ක්‍රිකට් ක්‍රීඩාව උපන් දා සිට තරඟ ආකෘතීන් විවිධ කාල සමයන් තුල යාවත්කාලීන වූවත් උක්ත කාරණය අදටත් වලංගු බවට හොඳම නිදසුන සනත් ජයසූරියට හා විරාට් කෝලිට පමණක් උරුම වූ එම වාර්ථාවයි.

එක්දින තරඟ රටාව තුලදී එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී ශතක ලබා ගත් ආසියාතික පිතිකරුවන් සංඛ්‍යාව දෙකක්.එම පිතිකරුවන් දෙදෙනා වන්නේ සනත් ජයසූරිය හා විරාට් කෝලි.

ඔවුන් දෙදෙනා එකී රටවලදී අඩුම එක්දින ශතක එකබැගින් හෝ රැස් කර තිබේ.එය වසර ගණනාවක් පුරාවට ආසියානු පිතිකරුවන්ට සිදු කිරීමට නොහැකි වූ දෙයක් වීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button