Cricket NewsEXCLUSIVE

“තරඟ නරඹන්නන් ප්‍රමාණය සීමා කිරීමක් කරන්නෙ නෑ, ප්‍රවේශපත්‍රවල මිලත් අපි අඩු කළා” – ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා තරඟාවලිය ගැන ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් විශේෂ දැනුම්දීමක්.!

මේ වන විට රට තුළ පවතින වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්‍ර ගාස්තු අඩු මට්ටමක පවත්වාගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා සිටිනවා.

ඒ මෙරට ජනප්‍රිය රුපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාවේ ක්‍රීඩා වැඩසටහනකට වෙත එක්වෙමිනුයි.

තරඟාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින 5ක පමණ කාලයක් වන අතර එළඹෙන 04 වනදා සිට තරගාවලියේ ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත්‍ර කවුළුව හරහා අලෙවි කිරීම ඇරඹෙනවා. එමෙන්ම මෙවර ක්‍රීඩාංගණවල ප්‍රවේශපත්‍ර අලෙවියක් සිදුනොකරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටිනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා

“දැන් අපි දන්නවා කොවිඩ් තත්ත්වය පාලනය වීමක් වෙලා තියෙන්නේ. ඉතින් අපි නරඹන්නන්ට විවෘත කරලා තියනවා. ප්‍රවේශපත්‍ර විකුණන්න පටන් ගන්නවා 04 වෙනිදා ඉඳල. ප්‍රවේශපත්‍ර කවුළුවක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. ඒ වගේම ඔන්ලයින් සේල්ස් පටන් ගන්නවා 04 වෙනිදා.”

“මම පණිවුඩයක් දෙන්න කැමතියි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරක්ෂක හේතුන් මත ග්‍රවුන්ඩ්වල ප්‍රවේශපත්‍ර විකුණන්නේ නෑ. තරඟ නරඹන්නන් ප්‍රමාණය සීමා කිරීමක් කරලා නෑ. ප්‍රවේශපත්‍රවල මිල බොහෝම අඩු ප්‍රමාණයක පවත්වාගෙන තියෙන්නේ. අපි ඇත්තටම කළින් බලාපොරොත්තු වුණේ මේ ඔස්ට්‍රේලියා වගේ කණ්ඩායමක් එනකොට සෑහෙන මුදලකට යන්න. ”

“නමුත් අර C සහ D ස්ටෑන්ඩ් ඛෙත්තාරාමයේ මැච් 4ක් ගහනවා. රුපියල් 300යි අපි චාර්ජ් කරන්නේ. ඒ වගේම පල්ලෙකැලේ මම හිතන්නේ රුපියල් 500යි. A සහ B අපර් රුපියල් 3000ක් නැත්නම් රුපියල් 3500ත් අතර යනවා. B ලෝවර් 2500ක්. ඒ වගේ තමයි අපි ප්‍රයිස් කරලා තියෙන්නේ. මේ පාර අඩුකිරීමක් තියෙනවා . අපි වැඩිකිරීමක් කරන්න ඕන නමුත් රටේ තියෙන තත්ත්වයයි ජනතාවගේ තත්ත්වයයි කල්පනාකරලා බලලා ඒ වගේ තීරණයක් තමයි අරගෙන තියෙන්නේ.”

එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්.

දෙරට අතර තරගාවලියේ මූලික තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත්, පසුව පල්ලකැලේ සහ ගාල්ල යන අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදීත් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සහබාගි වූ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button